පාකිස්තානයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

0
පාකිස්තානයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

පාකිස්තානයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

පාකිස්තානය ඉරානයට අද (18) අලුයම මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් දිනකට පසුව පාකිස්තානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

කෙසේ වෙතත් පකිස්තානය කියා සිටියේ දෙරටට මායිම්ව පිහිටි බලොකිස්තාන් ප්‍රාන්තයේ ත්‍රස්තයින් සැඟවුණු ස්ථාන වෙත තමන් පහර දුන් බවයි.

පකිස්තානයේ විදේශ අමාත්‍යාංශය මෙම මෙහෙයුම විස්තර කර ඇත්තේ “ඉතා සම්බන්ධීකරණය කරන ලද සහ විශේෂයෙන් ඉලක්ක කරගත් නිරවද්‍ය මිලිටරි ප්‍රහාර මාලාවක්” ලෙසය.

ඉරාන මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාර වලින් කාන්තාවන් තුන්දෙනෙකු හා ළමයින් සිව් දෙනෙකු මියගොස් ඇති බවයි.

මේ අතර ඉරානය මීට පෙර එල්ල කළ ප්‍රහාරයෙන් පාකිස්තානයේ දරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබුනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com