යාපනයේ ජනාධිපති මන්දිරය SLIIT ආයතනයට වසර 50ට බදු දෙයි

යාපනයේ ජනාධිපති මන්දිරය SLIIT ආයතනයට වසර 50ට බදු දෙයි

යාපනයේ ජනාධිපති මන්දිරය SLIIT ආයතනයට වසර 50ට බදු දෙයි

යාපනය, කන්කස්නතුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවති ජනාධිපති මන්දිරය වසර 50ට පමණ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයක් ඉදිකිරීමට (SLIIT) බදු දෙයි.

මෙහි ආයෝජන වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000කි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කැනේඩියානු ආයෝජකයකු සමඟ එක්වී මෙය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී (16) සිදුවිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවක දී මෙම ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමේ තීරණයට එළඹ ඇත.

යාපනය කන්කසන්තුරේ පිහිටි මෙම ජනාධිපති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය. ඒ 2010 – 2015 වසර පහ ඇතුළතදීය. මෙම ජනාධිපති මන්දිරය ඉදිකිරීමේදී දමිළ ඩයස් පෝරාවෙන් දැඩි විරෝධතා එල්ලවිය. ඉකුත් සමයේදී මෙහි ඉදිකිරීම් කටයුතු නතරවී තිබුණි.

කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 30ක භූමියක් අයත් වන අතර එයින් අක්කර 12ක මෙම ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබේ.

ඉතිරි ඉඩම් ප්‍රමාණය ප්‍රදේශය ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය කෙරිණි.

ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉතිරි අක්කර 17ක භූමි ප්‍රදේශයද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු පදනමට ලබා දීමට තීරණය කෙරිණි.

මෙම ජනාධිපතිමන්දිරයේ කටයුතු කඩිනමින් අවසන්කොට අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යලයක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) බළාපොරොත්තු වේ. මෙම තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය Northern Uni. IT විශ්ව විද්‍යාලය ලෙස හැදෙන්වෙනු ඇත. මෙහි සිසු සිසුවියන් 1500ට පමණ වාර්ෂිකව තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීමේ හැකියාව පවතී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *