ONMAX DT ගිණුම් 8ක් තවත් මාස 6ක් අත්හිටුවීමට නියෝගයක්

ONMAX DT ගිණුම් 8 තවත් මාස 6ක් අත්හිටුවීමට නියෝගයක්

ONMAX DT ගිණුම් 8 තවත් මාස 6ක් අත්හිටුවීමට නියෝගයක්

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනුවලින් අමෙරිකානු ඩොලර් කෝටි 10ක් අයථා ලෙස ඉපයූ බව කියන ONMAX DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් රුපියල් කෝටි 43ක මුදලක් ආයෝජනය කර ඇති අමෙරිකානු මූල්‍ය ආයතනයක ගිණුම් අටක් තවත් මාස හයකට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අමෙරිකානු සමාගමක් වෙත (09)වන දා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය අමෙරිකානු BINANCE.COM ප්‍රධාන විධායක නිලධාරියා වෙත විද්‍යුත් තැපෑල මගින් යොමු කිරීමට අධිකරණය නියෝග නිකුත් කර ඇත.

මෙසේ අත්හිටුවනු ලැබුවේ ධනංජය ගයාන්, සම්පත් සඳරුවන්, ලේන දුවගේ, රන්දික ජයතිස්ස, වික්‍රම පේලිගේ චන්ද්‍රකාන්ති, කහඳව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, ONMAX DT(PVT)LTD හා ONMAX PTU LTD යන අයට හා සමාගම්වලට අදාළ ගිණුම්ය.

මෙම අමෙරිකානු මූල්‍ය සමාගම විසින් ආයෝජනය කරන මුදල මෙන් තුන් ගුණයක් ලබාදෙන බවට තොරතුරු අනාවරණය වන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සඳහා පුද්ගලයන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවට සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *