නීති විරෝධී වාහන ජාවාරමක්; සුඛෝපභෝගී වාහන 5000ක් ගෙන්වා ලියාපදිංචි කරලා

නීති විරෝධී වාහන ජාවාරමක්; සුඛෝපභෝගී වාහන 5000ක් ගෙන්වා ලියාපදිංචි කරලා

නීති විරෝධී වාහන ජාවාරමක්; සුඛෝපභෝගී වාහන 5000ක් ගෙන්වා ලියාපදිංචි කරලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකු සහ වාහන ආනයනකරුවන් සමග එක්ව නීති විරෝධී ආකාරයෙන් වාහන ගෙන්වීමේ ජාවාරම් ගැන අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමක් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇත.

මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදී නීති විරෝධී ආකාරයෙන් වාහන ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිව ඇති අතර සැකකරුවන් හය දෙනකු පිලිබද තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සදහන් කරයි.

එලෙස වාහන 5000ක් පමණ නීති විරෝධීව ලංකාවට ගෙන්වා ලියාපදිංචි කර ඇති බවත් ඉන් වාහන 200ක් සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට හෙළි කරගෙන ඇති බවද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමක් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *