ලෝකයේ ලොකුම මීයා සැප්තැම්බරයේ සිට දෙහිවලදී

0
ලෝකයේ ලොකුම මීයා සැප්තැම්බරයේ සිට දෙහිවලදී

ලෝකයේ ලොකුම මීයා සැප්තැම්බරයේ සිට දෙහිවලදී

ලෝකයේ ලොකුම මීයන් වර්ගය වන කැපිබරා (Capybara) දැක ගැනීමේ දුලබ අවස්ථාව ලාංකිකයන්ට ලඟදීම හිමිව ඇති බව දෙහිවල සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත පවසයි.

ස්ලෝවැකියාවේ සත්වෝද්‍යනයකින් කැපිබරා යුවළ දෙකක් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර ඉන් එක යුවළක් පින්නවල එළිමහන් සත්වෝද්‍යානයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ජලාශ්‍රිත පරිසරයට වැඩි කැමැත්තක් දක්වන කැපිබරා දිගු වේලාවක් ජලයේ ගිලී සිටීමට හැකි සතෙකි.

කණ්ඩායම් වශයෙන් ජීවත් වීමට කැමැත්තක් දක්වන කැපිබරා මිත්‍රශීලී සතෙක් ලෙස සලකනු ලබයි. මේ වන විට කැපිබරා යුවල සිය නිරෝධායන මාසයේ අවසාන දින කිහිපය ගෙවමින් සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com