ඕස්ට්‍රේලියාවේ තෙල් පිරිපහදුවක විශාල ගින්නක්

0
ඕස්ට්‍රේලියාවේ තෙල් පිරිපහදුවක විශාල ගින්නක්

ඕස්ට්‍රේලියාවේ තෙල් පිරිපහදුවක විශාල ගින්නක්

ඕස්ට්‍රේලියාවේ පවතින තෙල් පිරිපහදු දෙකෙන් එකක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න හේතුවෙන් එරට පෙට්‍රල් සැපයුම පිළිබඳ ගැටලුව තවදුරටත් උග්‍ර වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පසුගිය බදාදා දින මාධ්‍යම රාත්‍රියේ මෙල්බර්න් නුවරට නිරිත දෙසින් පිහිටි ජීලෝන්ග් (Geelong) හි පිහිටි විවා (Viva) සමාගමට අයත් කෝරියෝ (Corio) තෙල් පිරිපහදුවේයි මෙම ගින්න ඇති වී තිබෙන්නේ.

අදාළ පිරිපහදුව වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 50%ක් සහ සමස්ත රටේ අවශ්‍යතාවයෙන් 10%ක් නිපදවනු ලබයි.

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති වුවත්, ගින්න තවදුරටත් ඇවිලෙමින් පවතින අතර ප්‍රදේශයේ වායුගෝලීය තත්ත්වය පිළිබඳවද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com