තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසියි; ආනයන බද්ද ඉහළට
තිරිඟු පිටි මිල ඉහළට
තිරිඟුපිටි ආනයනය බලපත්‍ර ක්‍රමය (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
එසේම තිරිඟුපිටි ආනයනයේ දී පනවා තිබූ බදු මුදලද කිලෝවකට රු.16 සිට රු.27 දක්වා ඉහළ දැමීමටත්, තිරිඟු ඇට සඳහා රු.6ක බද්දකුත් පැනවීමටත් කටයුතු කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් වෙළඳ පොළේ තිරිඟුපිටි මිල ඉහළ යාමක් සිදු වන්නේ නැහැ.
ආනයන පාලනයක් ඇති කිරීම සඳහා පමණක් මෙලෙස නව ක්‍රියාමාර්ග ගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.




