පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සංකේත වැඩවර්ජනයක

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් රටපුරා සියලු රෝහල්වල (24)වැනි දා පෙරවරු 8.00 සිට සංකේත වැඩ වර්ජනය ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර ඇත.

පිළිකා ආයතනය, මාතෘ සහ ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතන වර්ජනය ක්‍රියා මාර්ගයකට සම්බන්ධ නොවන අතර එම ආයතනවල නිලධාරීන් ස්වේච්ඡාවෙන් එම ආයතනවල සේවාවේ නිරත වනු ඇති බව ද කුමුදේෂ් මහතා සඳහන් කර ඇත.

එම වැඩ වර්ජනය අද පෙරවරු 8.00 සිට හෙට (25) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක වන බවත් මෙම වර්ජනයට විකිරණ තාක්ෂණවේදීන් වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන්, භෞතචිකිත්සක වෘත්තිකයන් සහ වෘත්තිය චිකිත්සක වෘත්තිකයන් යන වෘත්තීය සංගම් 5 සභාගී වන බවට කුමුදේෂ් මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *