නියඟයෙන් වගා හානි අක්කර 51,000 ඉක්මවයි

පවතින නියඟය හේතුවෙන් 22වැනි දා වනවිට වගාහානි සිදු වී ඇති වී වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 51,055.19ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අනෙකුත් බෝග වගා හානි ප්‍රමාණය අක්කර 424.70ක් වන අතර, වී සහ අනෙකුත් බෝග වගා හානි ප්‍රමාණය අක්කර 51,479.89ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

22වැනි දා වනවිට එම මණ්ඩලය විසින් සකස් කරන ලද වගා හානි තක්සේරු කිරීම් අනුව සකස් කළ දෛනික වාර්තාව (23)වැනි දා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යවා ඇත.

ඒ යටතේ වගා හානිවලට ලක්වූ වී වගා කරන ලද ගොවීන් සංඛ්‍යාව 45,678ක් වන අතර, අනෙකුත් බෝග හානි සම්බන්ධව ගොවීන් ප්‍රමාණය 394ක් වේ. වී සහ අනෙකුත් බෝග වගා හානි සිදු වී ඇති සමස්ථ ගොවීන් ප්‍රමාණය 46,072කි.

ඊයේ දිනය වනවිටත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. ඒ අනුව එය අක්කර 24,647.92 කි.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානි සිදු වී ඇති ගොවීන් ප්‍රමාණය 29,472කි.

දෙවන ස්ථානයට වැඩිම වගා හානි ප්‍රමාණයක් උඩවලවෙන් වාර්තා වන අතර, එය අක්කර 14,067කි. ගොවීන් ප්‍රමාණය 5867ක් වේ.

මේ අතර නියඟය හේතුවෙන් ඉදිරියේදී ආහාර සුරක්ෂිතතාවය උදෙසා අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමේ අමාත්‍ය මණ්ඩල සටහනක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *