රැකියා අහිමි වූවන් යළි රැකියාගත කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක්

රැකියා අහිමි වූවන් යළි රැකියාගත කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක්

රැකියා අහිමි වූවන් යළි රැකියාගත කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක්

රට තුළ මතු වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (19) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අදාළ කමිටුව පත් කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ක්‍රියාකාරී කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අධ්‍යාපන, මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති, සංචාරක, ප්‍රවාහන, වැවිලි කර්මාන්ත, කර්මාන්ත යන අමාත්‍යාංශවල ලේකම්වරු පත් කර ඇත.

මේ අතර ‘අස්වැසුම’ සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට රාජ්‍ය නිලධාරින්ගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි.

අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ප්‍රමාදයකින් තොරව ගත යුතු බව සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා රාජ්‍ය නිලධාරින්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම පිළිබඳ පැවති සාකච්ඡාවක දී ඔහු පෙන්වා දී ඇත.

වකුගඩු, ආබාධිත හා වැඩිහිටි දීමනා ලේඛනගත සෑම අයෙකුටම නිසි පරිදි එම ප්‍රතිලාභ ලබාදෙන ලෙසද සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *