ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල ඉන්දියාවෙන්

ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල ඉන්දියාවෙන්

ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල ඉන්දියාවෙන්

ඉන්දියාවේ ගුජරාට් හි ගොඩනැගිල්ලක් ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට එක්ව තිබේ.

ඒ වසර 80ක් පුරා ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල ලෙස පෙන්ටගනය සතුව පැවති වාර්තාව බිඳ දමමිනි.

දියමන්ති වෙළෙඳ මධ්‍යස්ථානයක් වන සූරට් ඩයමන්ඩ් බෝර්ස් නම් මහල් 15කින් යුතු මෙම ගොඩනැගිල්ල අක්කර 35ක වපසරියක පැතිර පවතී.

එසේම මෙහි දියමන්ති ආශ්‍රිත ආභරණ නිපදවීම හා සම්බන්ධ වෘත්තිකයින් 65,000 ඉක්ම වූ පිරිසක් සේවය කරන බව සඳහන්ය.

වසර 4ක කාලයක් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරුණු අතර එළැඹෙන නොවැම්බර් මාසයේ දී අගමැති මෝදි අතින් මෙය විවෘත කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *