යුරෝපා කොමිසම මගින් GSP ප්ලස් සහනය දීර්ඝ කරයි

යුරෝපා කොමිසම මගින් GSP ප්ලස් සහනය දීර්ඝ කරයි

යුරෝපා කොමිසම මගින් GSP ප්ලස් සහනය දීර්ඝ කරයි

යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් තීරු බදු සහනය 2027 වසරේ දෙසැම්බර් 31වනදා දක්වා තවත් වසර 04කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම (19) තීරණය කර තිබේ.

එම තීරුබදු සහනය මේ වසරේ දෙසැම්බර් 31වන දායින් අවසන් වීමට නියමිතව තිබිණි.

නව GSP ප්ලස් ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකාව වැනි රටවලට දැනට පවතින ප්‍රමුඛතා තීරු බදු සහන ප්‍රවේශය මේ නිසා අහිමි නොවන බව යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය සඳහන් කරයි.

මේ අතර, 2022 වසරේදී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට යුරෝ බිලියන 3.2ක වටිනා අපනයනයන් සිදුකර ඇති බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *