වසරේ ගත වූ මාස 06 තුළ දිවයින පුරා වැටලීම් 20,121ක්

0
නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකුට කැබිනට් අනුමැතිය

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකුට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ ගත වූ මාස 06 තුළ දිවයින පුරා වැටලීම් 20,121ක් සිදු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ එම වැටලීම්වලදී පුද්ගලයින් 20,121ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 2687ක්ද සිටින බව සඳහන්.

ඒ අනුව සුරාබදු ආඥා පනත යටතේ 16,726ක් වැටලීම් සිදු කර තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිසට නඩු පැවරීමෙන් පසුව මිලියන 82ක් දඩ මුදල් ලෙස පනවා ඇති බව සඳහන්.

මෙම වැටලීමවලින් වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත්තේ මහජනතාව විසින් 1983 හරහා දැනුම් දුන් තොරතුරු මත බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com