2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී බදු ආදායම 93%කින් වැඩි වෙලා

සුපිරි ධනවතුන් 100ක් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක්

සුපිරි ධනවතුන් 100ක් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක්

2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහෙත් 2022 වසරේ මුල් මාස 6 තුළදී එම දෙපාර්තමේන්තුව රැස්කර තිබූ බදු ආදායම සඳහන් වූයේ රුපියල් මිලියන 361,832කි. ඒ අනුව මෙම වසරේ මුල් මාස 6දී බදු ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 93%කින් වර්ධනය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *