උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලබන 15දා සිට යලි ආරම්භ කරයි

0
ලබන බ්‍රහස්පතින්දා සිට උතුරු දුම්රිය මාර්ගය යළි විවෘතයි

ලබන බ්‍රහස්පතින්දා සිට උතුරු දුම්රිය මාර්ගය යළි විවෘතයි

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට වවුනියාව දක්වා මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව මාස පහකට පමණ පසුව ලබන 15දා සිට කොළඹ හා කන්කසන්තුරේ අතර යලි දුම්රිය ධාවනය ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.

නවීකරණය කළ අනුරාධපුර සිට වවුනියාව දක්වා මාර්ගය නිරීක්ෂණය කිරීමේ විශේෂ දුම්රිය චාරිකාවක් සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (13) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව ගියේය.

මීට ස්වල්ප මොහොතකට පෙර අමාත්‍යවරයා ඇතුළු පිරිස රැගත් විශේෂ දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ළගා වූ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com