උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලබන 15දා සිට යලි ආරම්භ කරයි

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු ජනවාරි 7 සිට; මාස 06ක කාලයක් ධාවන කටයුතු මුළුමනින්ම නතර කෙරෙනු ඇත
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට වවුනියාව දක්වා මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව මාස පහකට පමණ පසුව ලබන 15දා සිට කොළඹ හා කන්කසන්තුරේ අතර යලි දුම්රිය ධාවනය ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.
නවීකරණය කළ අනුරාධපුර සිට වවුනියාව දක්වා මාර්ගය නිරීක්ෂණය කිරීමේ විශේෂ දුම්රිය චාරිකාවක් සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (13) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව ගියේය.
මීට ස්වල්ප මොහොතකට පෙර අමාත්‍යවරයා ඇතුළු පිරිස රැගත් විශේෂ දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ළගා වූ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසීය.