දික්ඕවිට වරායට ගෙන ආ යාත්‍රාවේ රු.මි 6,000ක හෙරොයින් කිලෝ 300ක්

0
දික්ඕවිට වරායට ගෙන ආ යාත්‍රාවේ රු.මි 6,000ක හෙරොයින් කිලෝ 300ක්

දික්ඕවිට වරායට ගෙන ආ යාත්‍රාවේ රු.මි 6,000ක හෙරොයින් කිලෝ 300ක්

බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් තිබී සොයා ගෙන ඇත.

අද (01) උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ පරීක්ෂණවලින් පසුව අදාළ ධීවර යාත්‍රාවේ තිබූ උර 298ක මෙම මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වූ බව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සඳහන් කරයි.

සිය භාරයට ගත් අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,000ක් පමණ බවද නාවික හමුදාව සඳහන් කරයි.

ලාංකික බහුදින යාත්‍රාවක් වන මෙම ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 6දෙනා සහ සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ සන්නිවේදන උපකරණය නීතියට ඉදිරිපත් කර ඇති බවද සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com