ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මුල් මාස 6ට රු. බි 70ක ලාභයක්

2023 මාස හත තුළ ඛනිජතෙල් සංස්ථාවට මිලියන 69,000ක ලාභයක්
පසුගිය කාලයේ දැවැන්ත ලෙස පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසායක් වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මුල් මාස 6 තුළදී දළ වශයෙන් රුපියල් බිලියන 70ක ලාභයක් ලබා ඇති බව වාර්තා වනවා.
ඉන්ධන අලෙවිය සඳහා නව මිල ක්‍රමයක් සහ නව මිලදී ගැනීමේ ක්‍රම හඳුන්වාදීමේ රජයේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හේතුවෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස සිට මෙම ලාභය ලබා ගැනීමට සමත්ව තිබෙනවා.