ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේදී රන් පදක්කමක් සහ සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව හිමිකරගත් හෂිනි

සිංගප්පූරුවේදී පැවති ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් සහ සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමිකරගත් හෂිනි හේවගේ ක්‍රීඩිකාව (02) අලුයම මෙරටට පැමිණියාය.

මොරටුව ප්‍රදේශයේ පදිංචි හෂිනි හේවගේ මහත්මිය ඩුබායි හි ගණකාධිකාරීවරියක් ලෙස සේවය කරන්නීය.

සිංගප්පූරුවේදී පැවති වාර්ෂිකව පවත්වනු ලබන මෙම කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ උස සෙන්ටිමීටර 163 පංතියේ “ස්පෝට්ස් මොඩල් ” අංශයෙන් තරඟ කළ ඇය එම ඉසව්වේ රන් පදක්කම මෙන්ම සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානයද දිනා ගත්තාය.

ඇය මෙම ජයග්‍රහණ රැගෙන ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත (2) අලුයම 4.55ට පැමිණියාය.

ඇය පිළිගැනීම සදහා ඇයගේ පියා, මව සහෝදර සහෝදරියන්ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *