ඍජු විදෙස් ආයෝජන ඉහළ නංවීමට රටවල් 5ක් සදහා ආයෝජන ප්‍රවර්ධන සන්නාම තානාපතිවරු පත් කරයි

ඍජු විදෙස් ආයෝජන ඉහළ නංවීමට රටවල් 5ක් සදහා ආයෝජන ප්‍රවර්ධන සන්නාම තානාපතිවරු පත් කරයි

ඍජු විදෙස් ආයෝජන ඉහළ නංවීමට රටවල් 5ක් සදහා ආයෝජන ප්‍රවර්ධන සන්නාම තානාපතිවරු පත් කරයි

මෙරටට ලැබෙන ඍජු විදෙස් ආයෝජනය ඉහළ නංවාගැනීමේ අරමුණින් තෝරාගත් රටවල් 5ක් සදහා ආයෝජන ප්‍රවර්ධන සන්නාම තානාපතිවරු පස්දෙනකු පත්කිරීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පියවර ගෙන ඇත.

ඔවුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඇමතිවරයා අතින් සිදුවූ අතර, ඉන්දියාව වෙනුවෙන් ශිවා සුබ්‍රමනියම්, මැලේසියාව සදහා මෙහොමඩ් හිල්මි කරීම්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් තක්ෂිල ප්‍රේමසිරි, දකුණු කොරියාවේ සන්නාම තානාපති ලෙස සංජීව සුරවීර සහ මහා බි්‍රතාන්‍ය සදහා කන්නයියා ගජන් යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.

මෙම සන්නාම තානාපතිවරුන් කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් වන අතර එම රටවල ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් අතර පිළිගැනීමට ලක් වුවන් බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම රටවල ආයෝජන ප්‍රවර්ධනය සඳහා මෙම සන්නාම තානාපතිවරුන්ට අවස්ථාව ලැබෙන අතර ඔවුන්ට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග සෘජුවම කටයුතු කළ හැක.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *