75වන නිදහස් දිනට පලාලි අධි ආරක්ෂිත කලාපය ඉඩම් අක්කර 80ක් නීත්‍යා‍ණුකූල හිමිකරුවන්

75වන නිදහස් දිනට පලාලි අධි ආරක්ෂිත කලාපය ඉඩම් අක්කර 80ක් නීත්‍යා‍ණුකූල හිමිකරුවන්

75වන නිදහස් දිනට පලාලි අධි ආරක්ෂිත කලාපය ඉඩම් අක්කර 80ක් නීත්‍යා‍ණුකූල හිමිකරුවන්

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව හමුදාව බාරයේ තිබු පලාලි අධි ආරක්ෂිත කලාපය තුල පිහිටි රාජ්‍ය නොවන ඉඩම් අක්කර 80.14ක භූමි ප්‍රමාණයක ඉඩම් (03) එහි නීත්‍යා‍ණුකූල හිමිකරුවන් වෙත බෙදාදුන් බව යුද හමුදාව පවසයි.

පලාලි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 12.14 ක්, පලාලි අධිආරක්ෂිත කලාපයේ තෙලිප්පලෛ ග්‍රාම නිලධාරී වසමේ පර්චස් 0.72, කන්කසන්තුරේ මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 50.59ක් සහ මයිලඩි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 16.55 ක ප්‍රමාණයකට අදාල නීත්‍යානුකූල ලිපිලේඛන අද යාපනය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සංකේතාත්මතව ප්‍රදානය කළ බව හමුදාව පවසයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත යාපනය ආරක්ෂලක සේනා ආඥාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතියට අදාල උත්සවයේදි යාපනය දිස්ත්‍රික් ලේකම් ඒග සිවබාලසුන්දරන් මහතා වෙත එම ලිපි ලේඛන යාපනය ආඥාපතිතුමා විසින් සංකේතාත්මකව භාරදෙනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *