ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ විෂමාචාර චෝදනාවලට අදාළව සිසුන් 30කගේ තාවකාලික පන්ති තහනමක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ විෂමාචාර චෝදනාවලට අදාළව සිසුන් 30කගේ තාවකාලික පන්ති තහනමක්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ (16) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය (16) දැනුම් දුන්නා. උද්ගතව ඇති තත්ත්වය සමනය වන තෙක් මෙලෙස විශ්වවිද්‍යාලය වසා තැබීමට ක්‍රියාකරන බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණේ.

මේ අතර පසුගිය අගහරුවාදා අත්අඩංගුවට පත් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පූජ්‍ය තලාවේ ධම්මික ස්වාමීන් වහන්සේ ලබන විසිහත්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ දරුණු ලෙස නවක වදය සිදු වන බවට තොරතුරු අනාවරණය වුණා. එහෙත් විශ්වවිද්‍යාලය තුළ එවැනි තත්ත්වයක් නොමැති බවයි එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අවධාරණය කළේ. මෙවන් පසුබිමක ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය (16) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

පසුගිය අගහරුවාදා අත්අඩංගුවට ගත් මෙම විශ්විවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පූජ්‍ය තලාවේ ධම්මික ස්වාමීන් වහන්සේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *