ලංකාවේ වයස්ගතම කාන්තාව මියයයි

0

මෙරට වයස්ගත කාන්තාව ලෙස සැලකුණ ගාල්ල – ඉමදූව – කනංකේ ප‍්‍රදේශයේ පදිංචිව සිටි 116 හැවිරිදි කංකානම් ගමගේ ඩිංගි හාමි මාතාව ඊයේ රාත‍්‍රියේ දී තම දිවි ගමන නිමා කර තිබෙනවා

1906 වසරේ ජනවාරි මස 11 වෙනිදා අකුරැස්ස, අතුරලියේ උපන් ඩිංගි හාමි මාතාව නෝරිස් මහතා සමඟ විවාහවී දරුවන් තිදෙනෙකු ලබා තිබෙනවා. ඒ පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියක් වන අතර එකම දියණිය කුඩා කලදීම මිය ගොස් තිබෙන බව සඳහන්.

ඩිංගිහාමි මාතාවගේ දේහය මේ වන විට කනංකෙ වත්ත නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට දින පස්වරුවේ දී පවුලේ සුසාන භූමියේ දී සිදු කෙරෙනු ඇති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com