ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට කිසිදු සූදානමක් නැහැ – ජී.ඇල්.

ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා කිසිදු සූදානමක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ නොමැති බවත් විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා සඳහන් කරයි.

මහනුවර සංචාරයක නිරතවෙමින් සිටියදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පීරිස් මහතා සඳහන් කළේය.

ධුර කාලය දීර්ඝ කිරීම පිළිබඳව නොව, ඉතිරි වී තිබෙන වසර 03 ක කාලය තුළදී ජනතාවට පොරොන්දු වූ සියලු දේ ලබාදීම ආණ්ඩුවේ එකම අභිප්‍රාය බවයි. ඒ හැර වෙනත් කිසිවක් සම්බන්ධයෙන් අවධානය යොමුව නොමැති බවද ඔහු පවසනවා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය (21)වන දින පාර්ලි‍මේන්තු විවාදයට සහභාගිවෙමින් සඳහන් කළේ කොවිඩ් නිසා අහිමි වූ වසර දෙකක කාලය ජනාධිපතිවරයාටත් වත්මන් පාර්ලිමේන්තුවටත් ලබාදිය යුතු බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *