ශ්‍රී ලංකාවේ තරුණ නිළියට අමාත්‍ය නාමල්ගෙන් පැසසුම්
 
                ජාත්‍යන්තර මට්ටමින් නොයෙකුත් ක්ෂේත්රවල අප රටේ තරුණ තරුණියන් පෙරට එමින් පවතී. පකිස්ථානු ටෙලිනාට්‍යයක ශ්‍රී ලාංකිකයකු ප්‍රධාන චරිතයක රඟපෑම පිළිබඳව බෙහෙවින් සතුටු වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව තම නිළ ෆෙස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
පකිස්ථානයේ රූපවාහිනී සේවාවක (‘අයෝමය ගැහැණිය’) යන විශිෂ්ට ටෙලිනාට්‍යයේ ශ්‍රී ලාංකික යුවතිය වන යෙහාලි ටාෂියා ප්‍රධාන චරිතයක රඟපා ඇත.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        