(Video) පාස්කු ප්‍රහාරයේ සාපය ජනාධිපතිතුමාගේ පිටිස්සෙන් එනවා! ජනතාව කියනවා ජනාධිපතිතුමාට පිස්සු කියල – වෙල්ගම

මෙතරම් පිස්සු නැටූ ආණ්ඩුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ කවරදාකවත් නොතිබූ බව පවසන, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා, වත්මන් ආණ්ඩුව ගන්නා ඇතැම් තීරණ හේතුවෙන් රටේ සියලු ජනතාවට ආණ්ඩුව එපා වී ඇති බවට, අයවැය විවාදයට සහභාගිවෙමින් සඳහන් කළේ.

හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන මහතාට හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට හෝ, කෙතරම් ගැටලු තිබුණද මෙවැනි තත්වයක් දක්නට නොලැබුණු බවත්, අද සාමාන්‍ය ජනතාව ‘ආණ්ඩුවට පිස්සු’ යැයි ද ‘ගෝඨාභය රාජපක්ෂ ද පිස්සේක්’ යැයි ද ප්‍රසිද්ධියේම පවසන තත්වයට පත්ව ඇති බවත් වෙල්ගම මහතා සඳහන් කරනවා.

මෙම තත්වය උදාවන බව තමන් කලින්ම දුටු බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් නොකරන්නැයි තමා මහින්ද රාජපක්ෂ මහතාට බැගෑපත් වූ බවත් ඔහු පවසනවා. ජනාධිපති තනතුරට පත්වීම සඳහා ඕනෑතරම් සුදුසුකම් සහිත පුද්ගලයන් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි බවද වෙල්ගම මහතා සඳහන් කරයි.

මේ පිස්සු කෙලින්නේ රටේ අනාගත පරපුර සමග බව සඳහන් කළ කුමාර වෙල්ගම මහතා පවසන්නේ අවම තරමින් අපේ දරුවන් ගැන හෝ සිතා වගකීමෙන් කටයුතු කරන ලෙසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *