පළමු වරට ඕස්ට්‍රේලියාව 20-20 ක්‍රිකට් ලෝක කුසලාන දිනාගනී

පළමු වරට ඕස්ට්‍රේලියාව 20-20 ක්‍රිකට් ලෝක කුසලාන දිනාගනී

පළමු වරට ඕස්ට්‍රේලියාව 20-20 ක්‍රිකට් ලෝක කුසලාන දිනාගනී

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම (14) රාත්‍රියේ සමත්වුණා. ඒ, නවසීලන්ත කණ්ඩායම කඩුළු 08 කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 04ක් දැවී ලකුණු 172ක් රැස්කළා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් පන්දු 48කදී ලකුණු 85ක් රැස්කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක්ද සමගයි.

මාටින් ගප්ටිල් පන්දු 35කදී ලකුණු 28ක් රැස්කළා. සෙසු නවසීලන්ත පිතිකරුවන්ට දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකිවුණේ නැහැ. පන්දු යැවීමේදී ජෝෂ් හේසල් වුඩ් ලකුණු 16 කට කඩුළු 03ක් බිඳ හෙලූ අතර ඇඩම් සම්පා ලකුණු 26 කට එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05 කදී කඩුළු 02කට ලකුණු 173ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළා. මිචෙල් මාෂ් පන්දු 50කදි නොදැවී ලකුණු 77යි. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.

ඩේවිඩ් වෝනර් පන්දු 38කදී ලකුණු 53ක් රැස්කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක්ද සමගයි. ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 18කට කඩුළු 2ක් දවා ගත්තා. තරගයේ වීරයා ලෙස මිචෙල් මාෂ් සම්මාන හිමිකර ගත් අතර තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ඩේවිඩ් වෝනර්.

20යි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද ඕස්ට්‍රේලියානු කණ්ඩායම එම තරගයේදී රැස්කළ ලකුණු 173 වාර්තා අතරට එක්වනවා. නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් රැස්කළ ලකුණු 85 වාර්තා අතරට එක්වුණේ 20යි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයකදී පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් ලෙසයි. මීට පෙර 2016 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් පිතිකරු මාලන් සැමුවෙල් නොදැවී ලකුණු 85ක් රැස්කරමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.

මෙම ජයග්‍රහණය ඔස්ටේ්‍රලියානු කණ්ඩායමක් දිනාගත් පළමු 20යි 20 ලෝක කුසලානය ලෙස ඉතිහාසයට එක්වුණා. ඒ අනුව ඕස්ට්‍රේලියාව දිනාගෙන ඇති අයි සී සී ශූරතා ගණන 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට අයි සී සී එක්දින ශූරතා 5ක්, ශූරයින්ගේ කුසලාන 02ක් සහ එක් විස්සයි විස්ස ලෝක කුසලානයක් ඇතුළත් වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *