2020 රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශ්‍රී ලංකාවට අවේනික නෙළු ශාකය 1971 පසු හමුව ඇත

2020 රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශ්‍රී ලංකාවට අවේනික නෙළු ශාකය 1971 පසු හමුව ඇත

2020 රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශ්‍රී ලංකාවට අවේනික නෙළු ශාකය 1971 පසු හමුව ඇත

ශ්‍රී ලංකාවට අවේනික සහ දුර්ලභ නෙළු ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබද වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසමෙන් හමු වී ඇත.

Strobilanthes rhytisperma යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම නෙළු ශාක විශේෂය 1867 වසරේ දී මධ්‍යම පළාතෙන් සහ 1971 වසරේ දී කළුතර දිස්ත්‍රික්කයේ රන්වල කැලේ රක්ෂිතය තුලින් හමු වී ඇති බව පර්යේෂණ සටහන් තුල සඳහන් වී ඇතත් මේ වන විට එම ශාකය සජීවීව පවතින ස්ථානයක් සොයා ගත නොහැකි බව වාර්තා වේ.

පරිසර ගවේශකයෙකු වන පේශල පසන් කරුණාරත්න මහතා විසින් මෙම ශාකය වලල්ලාවිට ප්‍රදේශයේදී සොයාගෙන ඇති අතර ඉන්පසු ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශාක විශේෂ පිළිබඳ පර්යේෂණ කරන රේණුකා නිලන්ති රාජපක්ෂ සහ නුවන් චතුරංග ජයවර්ධන යන මහත්ම මහත්මීන් විසින් කළ නිරීක්ෂණ මගින් මෙය නෙළු ශාක විශේෂය බවට තහවුරු කර ඇත.

ඒ අනුව මෙම ශාක විශේෂය වාර්තා වී ඇත්තේ වසර 50කට පමණ පසු වන අතර, 2020 රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස මෙම ශාක විශේෂය නම් කර ඇතැයි පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.

නෙළු යන නාමයෙන් පොදුවේ හඳුන්වන Strobilanthes ගණයට අයත් ශාක විශේෂ 450ක් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික සහ ඕස්ටේ්‍රලියානු කලාපවලින් වාර්තා වී ඇති අතර ඉන් විශේෂ වාර්තා වන අතර ඉන් විශේෂ 27ක් මෙරටට ආවේනික විශේෂයන් බවත් ඔහු සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *