ආරාධිත විස්සයි – 20 තරගාවලියේ ශූරතාව දසුන් ශානක නායකත්වය දැරූ ග්‍රේස් පිලට; දසුන්ගේ ත්‍යාග මුදල කලුබෝවිල රෝහලට

ආරාධිත විස්සයි - 20 තරගාවලියේ ශූරතාව දසුන් ශානක නායකත්වය දැරූ ග්‍රේස් පිලට; දසුන්ගේ ත්‍යාග මුදල කලුබෝවිල රෝහලට

ආරාධිත විස්සයි - 20 තරගාවලියේ ශූරතාව දසුන් ශානක නායකත්වය දැරූ ග්‍රේස් පිලට; දසුන්ගේ ත්‍යාග මුදල කලුබෝවිල රෝහලට

ආරාධිත විස්සයි – 20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ග්‍රේස් පිල සමත්විය. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී (24) පැවැති අවසන් මහ තරගයේදී දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ රෙඩ්ස් පිලට එරෙහිව ලකුණු 42ක ජයක් හිමිකරගත් ග්‍රේස් පිල ශූරතාවට හිමිකම් කීවේය.

නායක දසුන් ශානක එහිදී ‘තරගාවලියේ වීරයා’ සම්මානයට හිමිකරගත් රුපියල් ලක්ෂ 02ක ත්‍යාග මුදල දකුණු කොළඹ (කඑබෝවිල) ශික්ෂණ රෝහලට පරිත්‍යාග කිරීමට තීරණය කළේය. එම රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා නිත්‍ය ස්වසන ආධාර යන්ත්‍රයක අඩුපාඩුව ගැන තමන්ට දැනගන්නට ලැබුණු බවත් ඉදිරියේදී සිය ග්‍රේස් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ද ඒ සඳහා ආධාර මුදලක් ලබාදෙනු ඇතැයිද දසුන් ශානක පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *