මේධානි කෙන්යාවේ නයිරෝබි අගනුවර දී හොඳම පෞද්ගලික කාලය වාර්තා කරයි

කෙන්යාවේ නයිරෝබි අගනුවර දී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගී වූ මේධානි ජයමාන්න එහි දී නැවතත් ඇයගේ හොඳම පෞද්ගලික කාලය සමඟින් 4 වැනි ස්ථානය දිනා ගත්තා.

නමුත් ප්‍රථම ස්ථාන දෙක පමණක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා නිසාවෙන් ඇයගේ පදක්කම් සිහිනය බිඳ වැටුණා.

අගෝස්තු 17 වැනිදා සිට 22 වැනිදා පැවැත්වෙන තරගාවලියේ තෙවැනි දිනය වන අද දිනයේ මෙරට වේලාවෙන් දහවල් 1:20ට මීටර් 200 සුදුසුකම් ලබා ගැනීමේ තරග ආරම්භ වුනා.

එහි දී දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ වටය සඳහා සහභාගී වූ මේධානි තත්පර 24.01 (PB) කාලයක් වාර්තා කරමින් සිව්වැන්නා ලෙස ඉසව්ව අවසන් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් පූර්ව වටයේ තරගය සවස 7:10ට ආරම්භ වූ අතර එහි දී තත්පර 23.95 කාලයක් වාර්තා කරමින් ඉසව්ව අවසන් කරන්නට ඇය සමත් වුනේ, සුදුසුකම් ලබා ගැනීමේ දී වාර්තා කළ හොඳම පෞද්ගලික දක්ෂතාවය ද නැවත අලුත් කරමින් වීම විශේෂත්වයක්.

මේධානි මෙම තරගාවලිය සඳහා කේවල ඉසව් දෙකකින් සුදුසුකම් ලබා ගත් අතර අනෙක් ඉසව්ව වූ මීටර් 100 අවසන් පූර්ව වටය දක්වා ඇය සුදුසුකම් ලබා ගැනීමට සමත් වුවත් එහි දී ඉසව්ව අවසන් කළේ සමස්ත ඉසව්වේ 21 වැනි ස්ථානය දිනා ගනිමිනුයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *