නාමල් ජනාධිපතිකමට?

සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද? නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද? - නාමල්

සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද? නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද? - නාමල්

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට අගෝස්තු 16 වෙනි දින සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ නමින් නව අමාත්‍යංශයක් පවරාදීමත් සමඟ ජනාධිපතිවරයා ද ඉක්මවා ගිය රාජ්‍ය ආයතන ප්‍රමාණයක මැදිහත්වීමේ අවස්ථාව උදාවී ඇත.

මේ අතරින් රට තුළ මේ වන විට දැඩි කතා බහකට ලක්වී තිබෙන කොළඹ වරාය නගර කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් ද අයත් වේ.

පහත සඳහන් ප්‍රධාන රාජ්‍ය ආයතන නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ අධීක්ෂණයට යටත් කර ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව
ජනාධිපති කාර්ය සාධක බලකා කීපයක්
මහා භාණ්ඩාගාරය
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව‍
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව
සුරා බදු දෙපාර්තමේන්තුව
ජාතික ලොතරැයි මණ්ඩලය
සංවර්ධන ලොතරැයි මණ්ඩලය
ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ අනෙකුත් රාජ්‍ය බැංකු සියල්ලම
මූල්‍ය රක්ෂණ සංස්ථාව
රක්ෂණ කොමිෂන් සභාව සහ ආශ්‍රිත දෙපාර්තමේන්තු
විදේශ රැකියා නියුක්ති කාර්යංශය ඇතුළු කාර්යාංශ
ජාතික රක්ෂණ බාර අරමුදල
සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල
මහ බැංකුව යටතේ පවතින සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවක්
විදුලි සංදේශ දෙපාර්තමේන්තුව
වනජීවි භාරය ඇතුළු ආර්ථික බාරකාර අරමුදල් කීපයක්
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

යනාදී රාජ්‍ය ආයතන ප්‍රමුඛ තවත් ආයතන ගණනාවක් අධීක්ෂණයට පවරා දී ඇත.

 

-LT

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *