“උද්දච්ච දරදඩු ඒකාධිපති පාලනය දැන්වත් නවතා විශේෂඥ උපදෙස් මත කටයුතු කරන්න’’ – රංජිත් මද්දුම බණ්ඩාර

ජනතාවගේ විරෝධය මර්ධනය සහ විකෘති මතවාදවලින් විසඳන්න බෑ - රංජිත් මද්දුම බණ්ඩාර

ජනතාවගේ විරෝධය මර්ධනය සහ විකෘති මතවාදවලින් විසඳන්න බෑ - රංජිත් මද්දුම බණ්ඩාර

යුද්ධයට ගත් තීන්දු වසංගතය මැඩ පැවැත්වීමට ගැනීමෙන් පලක් නොවන බව දැන්වත් ආණ්ඩුව තේරුම් ගත යුතු බව සමගි ජන බලවේගය මහලේකම් මහතා කොළඹදී පැවසීය.

ආණ්ඩුව ගෙන යන උද්දච්ච දරදඩු ඒකාධිපති පාලනය දැන්වත් නවතා විශේෂඥ උපදෙස් මත කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් මහලේකම්වරයා සඳහන් කළේය. එසේ කළ නොහැකිනම් ජනතාවගේ ජීවිත විනාශ නොකර ඉල්ලා අස්වී රට කරවීමට හැකි පිරිසකට රට බාර දෙන ලෙස ඉල්ලා සිටින බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

සංචරණය සම්පූර්ණයෙන්ම නතරකර තම තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට කැප වෙන්නයි විපක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

ආර්ථිකය රැක ගැනීමට යන ආණ්ඩුව මිනිස් ජීවිත රුපියල් සත ඩොලර් වලින් මැනිය නොහැකි බව තේරුම් ගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *