ඩෙල්ටාව ආ දින සිට උද්ඝෝෂණ 847ක්, කොරෝනා ව්‍යාප්ත කරේ සජිත් සහ ජවිපෙ – මහින්දානන්ද

ඉන්දියාවෙන් කාබනික පොහොර ආනයනය කිරීමට තීරණය කරා; ප්‍රමාදයක් සිදු වුවහොත් ගුවන් මගින් ගේනවා - මහින්දානන්ද

ඉන්දියාවෙන් කාබනික පොහොර ආනයනය කිරීමට තීරණය කරා; ප්‍රමාදයක් සිදු වුවහොත් ගුවන් මගින් ගේනවා - මහින්දානන්ද

ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට ඇතුළු වූ බවට නිවෙිදනය කළ දිනයේ සිට මෙි දක්වා සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණ 847ක් පවත්වා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

එක්ලක්ෂ හයදහසක් ජනතාවක් ඒවාට සහභාගී වී තිබෙන බව කී අමාත්‍යවරයා රටෙි කොරෝනා වසංගතය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතු බවද පැවසීය.

ඩෙල්ටා ප්‍රබෙිදය ලංකාවට ඇතුළු වූ බවට නිවේදනය කළ දිනට පසු දින සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව ඉදිරිපිටට 10000ක සෙනඟක් ගෙනවිත් උද්ඝෝෂණය කළ බවද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

මිනිසුන් උසිගන්වා ඩෙල්ටා බෝ කරන්නට මූලික වූ අයම අද ජනතාවට ගෙදරට වී ඉන්නැයි කියන බවද අලුත්ගමගේ මහතා කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *