ජාතික කබඩි කණ්ඩායමේ පළමු වට තේරීමේ දී කිලිනොච්චි යුවතියන් තිදෙනෙක්

ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායමේ පළමු වට තේරීමේ දී කිලිනොච්චියේ උරුත්තිරපුරම් සිවනහර් ගොවි ක්‍රීඩා සංගමයේ යුවතියන් තිදෙනෙකු තේරී පත් වී ඇත.

පෙරේදා දින කොළඹ දී පැවති ජාතික කබඩි කණ්ඩායමට පළමු වට තේරීමේ දී සමස්ථ ලංකා මට්ටමින් 25 දෙනෙකු සහභාගී විය. මෙයින් 18 දෙනෙකු තෝරා ගන්නා ලදී. මෙම 18 දෙනාගෙන් කිලිනොච්චියේ පදිංචි යුවතියන් තිදෙනාද ඇතුළත් වේ.

කිලිනොච්චි සිවනහර් පාසලේ ආදි ශිෂ්‍යාවන් වන මොවුන් උරුත්තිරපුරම් ගොවි ක්‍රීඩා සංගමයේ සාමාජිකයන් වෙති.

ආරම්භක පුහුණුකරු ලෙස රාමනාදන් පරංජෝදි ගුරුවරයාගෙන් පුහුණුව ලැබූ මොවුන් පසුගිය කාලවලදී ජාතික මට්ටමේ තරඟාවලිවලට ද සහභාගී වී ඇත.

එළඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු මට්ටමේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු වට තේරීමේ දී මොවුන් තේරී පත් වී ඇත. තේරී පත් වූ 18 දෙනාගෙන් අවසානයේ 12 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *