ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම්කරමින් ටෝකියෝ නුවර හදිසි තත්වයක්

මේ මස 23 වැනි දින ඔලිම්පික් උළෙල ආරම්භ වීමට නියමිතව තිබියදී ජපානයේ ටෝකියෝ අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඔලිම්පික් උළෙලේ සත්කාරක නගරය වන ටෝකියෝහි කොවිඩ් ඩෙල්ටා ප්‍රාභේදය පැතිර යෑමේ අවධානම හේතුවෙන් මෙලෙස හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. (08) දිනයේදී මේ පිළිබඳව අදහස් දක්වමින් ජපාන අග්‍රාමාත්‍ය යොෂිහඩෝ සුගා මහතා පවසා ඇත්තේ COVID-19 ප්‍රභේදයේ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය ටෝකියෝව නගරය තුළ පැතිරීමේ අවධානම වැළැක්වීම අත්‍යවශ්‍ය බවයි.

‘කොවිඩ්’ අවදානම හේතුවෙන් ටොකියෝ නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළ සිවුවැනි අවස්ථාව මෙය වන අතර ඊයේ ඔලිම්පික් උළෙලට සම්බන්ධ සියලු බලධාරීන් මේ පිළිබඳව සාකච්ඡා පවත්ව ඇති අතර තවදුරටත් ඔලිම්පික් උළෙල කල් දමනවා වෙනුවට ප්‍රේක්ෂකයිගෙන් තොරව හෝ නිශ්චිතව ඔලිම්පික් උළෙල පැවැත්විය යුතු බවට එහිදී සාකච්ඡා වී තිබේ.

ජපාන රජයේ නිලධාරීන්, ටෝකියෝ සංවිධායකයින් සහ ඔලිම්පික් හා පැරාලිම්පික් නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව “කිරීටක වෛරස් ආසාදන පැතිරීමකට මුහුණ දෙමින් අපි ඉතා සීමිත ආකෘතියකින් ඔලිම්පික් උළෙල පැවැත්වීම කණගාටුවට කරුණක්” යැයි ටෝකියෝ 2020 ජනාධිපති සයිකෝ හෂිමොටෝ මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත.

“ටිකට්පත් මිලදී ගත් අය ගැන මට කණගාටුයි.” ප්‍රේක්ෂකයින් නොමැතිවීම හේතුවෙන් කොපමණ ආදායමක් අහිමි වේදැයි සංවිධායකයින් තවමත් අවිනිශ්චිතව සිටින බව ටෝකියෝ 2020 ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ මහතා පවසා තිබේ. පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල කොවිඩ් වසංගතයේ පැතිරීම හේතුවෙන් මේ දක්වා කල් දමා තිබිණි. විශේෂයෙන්ම ඔලිම්පික් උළෙල පැවැත්වීම වෙනුවෙන් ජපානය මේ වන විට ඩොලර් බිලියන 15.4 ක් දක්වා වියදමක් ඇස්තමේන්තු කර ඇත. ඒ වෙනුවෙන් විශේෂ නගර නිර්මාණ මෙන්ම විදෙස් ප්‍රේක්ෂකයින් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට දැවැන්ත පිරිවැයක් දරා තිබියදී  ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම් වීමෙන් දැවැන්ත ආදායමක් අහිමි වී යන බව පැවසේ.

ඔලිම්පික් උළෙලින් ඩොලර් මිලියන 815 ක ප්‍රවේශපත්‍ර ආදායමක් ලැබීමට ඇස්තමේන්තු කර ඇති අතර එය බිංදුවට ආසන්නව අඩුවීමට නියමිතය. එසේම ප්‍රේක්ෂකයින් නොමැති වීමත් සමඟ අනුග්‍රාහක සමාගම් ඒ වෙනුවෙන් මුදල් යෙදවීමේ අවධානමක්ද මේ වනවිට මතුව ඇති බව පැවසේ. පවතින තත්වය හමුවේ මෙවර ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දරන ජපානයට ඒ සඳහා යොදවනු ලැබූ දැවැන්ත මූල්‍ය ආයෝජනයවලින් ප්‍රතිලාභයක් අත්නොවනු ඇතැයි අනුමාන කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *