බැසිල් වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ඉහල තනතුරක්

ජනාධිපති, අගමැති සොහොයුරු බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීමේ දිනය මෙතෙක් තීන්දු වී නැතත් ඔහුට පාර්ලිමේන්තු ඒම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු තේරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

විශේෂයෙන් බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් ඉවත්වන මන්ත්‍රීවරයා විදේශ තානාපති සේවය සඳහා එක්කිරීමටත් ඔහුට මහකොමසාරිස් ධුරයක් තෑගි කිරීමටත් යෝජනා වී ඇත.

මේ වනවිට ෆලීල් මර්ජාන්, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගෙන් අයෙකු කැමතිකරවා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති අතර එ පවරා ඇත්තේ නාමල් රාජපක්ෂ ඇමතිවරයාටය.

එලෙස ඉවත්වන මන්ත්‍රීවරයාට දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පිරිනැමීමටද මේ වනවිට තීන්දු වී ඇත.

මෙම තීන්දු තීරණ ගෙන ඇත්තේ පසුගියදා මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේදී ඉකුත් සෙනසුරාදා පැවති විශේෂ සාකච්ඡාවේදීය.

දිවා භෝජනයක්ද සමග කැඳවා තිබුණු මෙම සාකච්ඡාවට ඇමති චමල් රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ගෝටාබය රාජපක්ෂ, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, ඇමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර ජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක සහ මාලක චන්ද්‍රසේන අය සහභාගි වී සිට ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *