ජූනි මාසය තුළදී කොවිඩ් රෝගීන් ශීඝ්‍ර ලෙස මිය යෑමට හේතුව සොයා බැලීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කමිටුවක්

ජූනි මාසය තුළදී කොවිඩ් රෝගීන් ශීඝ්‍ර ලෙස මිය යෑමට හේතුව කුමක් ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පියවර ගෙන තිබේ.

ඉකුත් අප්‍රේල් මාසයේදී කොවිඩ් මරණ එකසිය දහයක් ද (110) මැයි මාසයේදී එවැනි මරණ අටසිය හයක් ද (806) සිදුව තිබීම හා එම සීමාවන් ශීඝ්‍ර ලෙස ඉක්මවමින් ජූනි මාසය තුළදී පමණක් එවැනි මරණ එක්දහස් පන්සියයකට (1500) වැඩි සංඛ්‍යාවක් සිදුව තිබීම සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මෙම කමිටුව පත්කර ඇත.

ඇල්ෆා කොරෝනා වෛරස ප්‍රභේදය මෙරට තුළින් හමුවීම මෙම මරණවලට හේතුවක් වී තිබේ ද එසේ නොවේ නම්, වෙන යම් හේතුවක් නිසා ද යන්න පිළිබඳව සොයා බැලීමට ද මෙම කමිටුවට පැවරී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *