සැලසුමක් නැති නිසා රටම අසරණ වෙලා – සරත් ෆොන්සේකා

ආණ්ඩුවේ සැලසුමක් නැති වැඩපිලිවල හේතුවෙන් අද රටම අසරණ තත්වයට පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ජනතාව පීඩාවට පත්කරමින් ගජ මිතුරන් පොහොසත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇතැයිද ෆොන්සේකා මහතා සදහන් කරයි.

“අද රටේ ජනතාවට ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා. මේ රටේ ඉන්ධන මිල ඉහල යනවිට එය ප්‍රවාහන ගාස්තු, ආහාරපාන යන සෑම අංශයකින් ජනජීවිතයට බලපානවා. මේ රජය විශාල ප්‍රමාණයකින් හදිසියේම ඉන්ධන මිල ඉහල දමන්න තීරණය කරලා. යහපාලන අපේ රජය වැඩ ආරම්භ කරේ ඉන්ධන මිල පහළ දමමින්. එය අපි දිගටම පවත්වා ⁣⁣ගත්තා. අපිට ඉන්ධන මිල සූත්‍රයක් තිබුණා. මේ රජය ඇවිත් ඉන්ධන බැරලයක මිල ඩොලර් 20 දක්වා පහලට ගියා ලෝකයේ ඉන්ධන මිල පහල වැටුණා. නමුත් මේ රජය ඒ තුලින් ජනතාවට සහනයක් ලබා දුන්නේ නැහැ. මේ අය කිව්වේ තෙල් වලින් ලැබෙන මුදල් වෙනම තැන්පත් කර ජනතාවට සහන දෙනවා කියලයි. අද එ කිසි දෙයක් නැහැ. අද රජයට මුදල් නැහැ. බදු සහන දුන්නේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ටයි.

මේ රජය අලුත් ජාවාරමක් පටන් ගෙන තිබෙනවා. සීනි පොල්තෙල් සියල්ල ජාවාරම් කාරයින්ට ගෙන්වන්න ඉඩ දීලා බදු මුදල් අහිමි කරගෙන දැන් මාතෘභූමිය විකුණන්න හදනවා. මාතෘභූමිය යනු තරා තිරමක් නොබලා සියලු දෙනාටම අයිති දෙයක්. .

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *