(VIDEO) GSP සහනය අහිමි වුනේ ආණ්ඩුව විරුද්ධවාදීන් මර්දනය කරන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම නිසා

(VIDEO) ආණ්ඩුව විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම නිසා GSP+සහනය අහිමි වූනා - ජනතා විමුක්ති පෙරමුණ

(VIDEO) ආණ්ඩුව විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම නිසා GSP+සහනය අහිමි වූනා - ජනතා විමුක්ති පෙරමුණ

මෙරට ආර්ථිකය ICU ඇඳක අසාධ්‍යව තිබෙන මොහොතක ආණ්ඩුව විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම නිසා GSP+සහනය අහිමි වූ බවත් ඊට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂ මූලස්ථානයේදී (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ පිළිබඳව අදහස් පළකරනු ලැබීය. එම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද එක්ව සිටි අතර මාධ්‍ය හමුවේදී ඔවුන් පළකල සම්පූර්ණ අදහස් මෙසේය…

වර්තමාන ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු එකහමාරක් වෙනකොට හැම පැත්තකින්ම අර්බුදයට ලක්වෙන අතර කොවිඩ් වසංගතයත් පාලනය කරනවා වෙනුවට තමන්ගේ දේශපාලන බැරිකම වහගන්න මර්දන නීති යොදා ගනිමින් ඉන්නවා. කඩා වැටිලා තියෙන ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකර ප්‍රභූවරුන්ට වාහන ගෙන්වමින් මුදල් නාස්ති කරනවා. ඒ වගේම ආණ්ඩු විරෝධී බලවේග මර්දනය කරන්න මානව හිමිකම් පවා උල්ලංඝණය කරමින් ඉන්නවා. හැම පැත්තකින්ම රට වට්ටලා තියෙන්නේ.

ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමේ අනතුරක් නිර්මාණයවී තිබෙනවා. ජූනි 10 වැනිදා රැස්වුණු යුරෝපා පාර්ලිමේන්තුව ලංකාවට දී තිබෙන ජී.එස්.පී, ප්ලස් සහනය තාවකාලිකව නතර කිරීමට යෝජනාවක් ගෙනාවා. එයට පක්‍ෂව ඡන්ද 628ක් ලැබුණා. විරුද්ධව ලැබුණේ ඡන්ද 15යි. රටවල් 40ක් ඡන්දය දීමෙන් වැලකි සිටියා. යුරෝපා සංගමයේ ඡන්දවලින් 628ක් වගේ විශාල ප්‍රමාණයකින් ලංකාවට විරුද්ධ යෝජනාවක් සම්මත කරගන්න කොට ලංකාව ජාත්‍යන්තර ක්‍ෂේත්‍රයේ ලබන දැවැන්ත පරාජයක්. මේ යෝජනාවට අනුව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග තවම පැහැදිලි නැහැ. ජී.එස්.පී. ප්ලස් සහනය අහෝසි කිරීමේ යෝජනාව ගෙන එන්නේ ප්‍රධාන කරුණු 03ක් පදනම් කරගෙන. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම, මේ පනත පාවිච්චි කරලා විරුද්ධවාදීන් මර්දනය කරමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ රජයේ ප්‍රධාන ආයතනවලට හමුදා නිලධාරීන් පත්කර සිවිල් පාලනයට බාධා කිරීම, කියන කරුණු 03 පදනම් කරගෙන තිබෙනවා.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *