තෙල් මිල වැඩි කිරීමේ තීරණය ගැන විවිද පාර්ශව ප්‍රකාශ කරමින් සිටී, එහි සම්පුර්ණ විස්තරය

තෙල් මිල වැඩි කිරීමේ තීරණය ගැන විවිද පාර්ශව ප්‍රකාශ කරමින් සිටී, එහි සම්පුර්ණ විස්තරය

තෙල් මිල වැඩි කිරීමේ තීරණය ගැන විවිද පාර්ශව ප්‍රකාශ කරමින් සිටී, එහි සම්පුර්ණ විස්තරය

ඉන්ධන මිල වැඩි කරන තීන්දුව ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කමිටුවක තීරණයක්

ඉන්ධන මිල වැඩි කරන තීන්දුව ගන්නා ලද්දේ ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කමිටුවක තීරණයක් අනුව බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

තමන් විසින් සිදු කළේ ජනාදිපති හා අගමැතිගේ තීරණයක් අනුව සිදු කල මිල වැඩි කිරිම පත්කිරීම පමණක් යැයිද ඔහු කියා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලිඛිතව දැනුම් දීමක් ඒ සම්බන්ධයෙන් කර තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්ධන මිල වැඩි කරන ලෙස දැනුම් දී තිබූ බවද ඔහු පැවසීය.

ඉන්ධන මිල වැඩි කිරීම ගැන ජනපතිගෙන් නිවේදනයක්

ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු අග්‍රාමාත්‍යතුමන් හා අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව ඉහළ යාම ඉන් එක් ප්‍රධාන හේතුවකි. මේ වන විට බොර තෙල් බැරලයක මිල ඇ.එ.ජ.ඩො.70 ඉක්මවා ඇති අතර, එය තවදුරටත් ඉහළ යනු ඇති බව වෙළෙඳපොළ ප්‍රවණතා මගින් පැහැදිලි කරයි.

ශ්‍රී ලංකාව ඉන්ධන ආනයන සඳහා අතිවිශාල විදේශ විනිමයක් දරණ රටක් පමණක් නොව, එම ආනයනයන් මත රටේ ප්‍රවාහන සේවා, විදුලි බල නිෂ්පාදනය හා ඇතැම් කර්මාන්තශාලා ද පවත්වා ගෙන යන රටක් බවට පත්වී ඇත. 2019 වර්ෂයේ පමණක් තෙල් ආනයනය සඳහා වැය කර ඇති විදේශ විනිමය ඇ.එ.ජ ඩො.මිලියන 3,677කි. වාහන ආනයනය නතර කිරීම හා ජාත්‍යන්තර තෙල් මිල ගණන් 2019 දී බැරලයකට ඇ.එ.ජ.ඩො. 68.80 සිට 2020 දී ඇ.එ.ජ.ඩො. 45.57 දක්වා අඩුවීම නිසා 2020 දී මෙම වියදම ඇ.එ.ජ.ඩො. මිලියන 2,325ට අඩු කර ගැනීමට හැකි වුවද, මේ වන විට පවත්නා මිල ගණන් ඉහළ යාම නිසා 2021 වර්ෂයේ බැරලයක මිල ඇ.එ.ජ.ඩො. 70 ඉක්මවීම තුළ වාහන ආනයනය තහනම පවත්වා ගෙන ගියද, ඛනිජතෙල් ආනයනය සඳහා විදේශ විනිමය ඇ.එ.ජ.ඩො. මිලියන 4,000ක් පමණ වනු ඇත. මෙම වියදම සමස්ත විදේශ විනිමය උපයන අපනයන ආදායමෙන් 1/3කට ආසන්න වියදමකි.

බීජ, පොහොර, ආහාර, ඖෂධ සහ එන්නත් ආදියද, ආනයනය කරන මෙම ආනයන මත රඳා පවතින පරිභෝජන රටාව, නිෂ්පාදනය මත පරිභෝජනය කරන තත්ත්වයට පරිවර්තනය කළ යුතුය.

විදේශ විනිමය වැය කිරීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවතීම නිසා සෑම වර්ෂයකම ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණය මත යැපෙන ආයතනයක් වී ඇත. මෙම බැංකු දෙක සඳහා මේ වන විට රුපියල් බිලියන 652ක ප්‍රමාණයක ණය ගෙවීමට ද ඇත. ලංකා විදුලිබල මණ්ඩලය ද රුපියල් බිලියන 85කට ආසන්න ණය මුදල් බැංකු දෙකට ගෙවීමට සිදු වන බැවින් මේ සඳහා රාජ්‍ය බැංකු දී ඇති ණයවලට භාණ්ඩාගාරය විසින් ඇපකරයන් ද නිකුත් කර ඇති අතර, ණය සඳහා අධික පොලියක් ද ගෙවීමට සිදුව ඇත.

පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 60ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතුය. එබැවින් ප්‍රවාහනය සඳහා ELECTRIC රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතුය. ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ELECTRIC රථ වාහන භාවිතය ප්‍රචලිත කිරීමත්, ත්‍රීරෝද රථ සඳහා ELECTRIC එන්ජින් ලබා දීමත් මගින් ප්‍රවාහන පිරිවැය ද ස්ථාවර කර ගත හැකිය.

ඉන්ධන භාවිතය අධික වීම නිසා නාගරික ප්‍රදේශවල වාතය අපිරිසිදු වීමත්, ජනතාවගේ පෙනහළු ආශ්‍රිත රෝග වැඩිවීමත් තුළ පරිසර හිතකාමී බලශක්ති මූලාශ්‍රවලට කඩිනමින් පිවිසීම අනිවාර්ය වේ. කැලණිතිස්ස තෙල් විදුලි බලාගාරය LNG විදුලි බලාගාරයක් බවට පත් කර ගැනීමෙන්, විදුලිබල මණ්ඩලය විසින් ඉන්ධන සඳහා ගෙවන අධික මිල ද අඩු කර ගත හැකිය.

දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත්, කැලිකසළ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතුය.

එබැවින් මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ජනනය සඳහා සාමාන්‍ය වශයෙන් සියයට 30ක පමණ ඉන්ධන භාවිතා කරන බැවින්, එය වලක්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ජනනය කඩිනම් කිරීමට ද රජය කටයුතු කරමින් සිටී. මේ නිසා සෑම නිවසකටම, පාසැල්, රෝහල් හා රජයේ ගොඩනැගිල්ලක් සඳහා සූර්ය තාප විදුලි නිෂ්පාදන කට්ටල ලබා දීම මගින් ජනතාව පිට පැටවෙන අධික මිල ගණන් වල පීඩනය අඩු කිරීම පමණක් නොව, එම විදුලි ඒකක විදුලිබල මණ්ඩලයට ලබාදීම මගින් ආදායම් මාර්ගයක් ද ඇති කළ හැකිය.

එබැවින්, මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් පමණි. එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩු කර විනිමය අනුපාතය ශක්තිමත් කර ගැනීමටත්, ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය සුරක්ෂිත කර ගැනීමටත්, ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට ගත් තීරණයකි. – ජනාධිපති මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි

ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව වගකීම භාරගෙන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි.

දිනපතා පුවත්පතක් විසින් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කර ඇත්තේ ඕනෑම අයෙකුට අදහස් දැක්වීමට අයිතියක් ඇති නිසා එය ප්‍රශ්නයක් බවට පත්කර නොගත යුතු බවයි. මේ මොහොතේ ඉන්ධන මිල ඉහල දමුවේ වෙනත් විකල්පයක් නැති නිසා යිය ද පවසන අමාත්‍යවරයා මෙරට ජනතාවට මුහුණ දෙන තත්ත්වය ගැන තමා හොඳින් දන්නා බවද පැවසීය.

කෙසේ වෙතත් මෙය තාවකාලික පියවරක් බවත් ලෝක ඉන්ධන මිල පහළ ගිය වහාම ශ්‍රී ලංකාවේද ඉන්ධන මිල පහත දමන බවත් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන මිල ඉහල නොදමා පවත්වාගෙන ආ බවත් එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම අසීරු වීම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවු බවත් අගමැතිවරයා තවදුරටත් පුවත්පත වෙත සඳහන් කර තිබේ.

ඉන්ධන මිල වැඩි කලේ ගම්මන්පිල නොවේ, අපයි – මුදල් අමාත්‍යංශය

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම බලශක්ති අමාත්‍යාංශය විසින් තීරණය කරන ලද්දක් නොවන බව මුදල් අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙක් සී පුවතට සඳහන් කර ඇත.

ඔහු කියා සිටියේ මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් අනුමැතිය මත ඉන්ධන මිල වැඩි කිරීම මෙරට නීතියක් බවට පත් වූ බවයි.
ශ‍්‍රී ලංකාවේ නීතිය අනුව ඉන්ධන මිල වැඩි කිරීමට සහ ඉන්ධන මත බදු පැනවීමට පූර්ණ බලය ඇත්තේ මුදල් අමාත්‍යාංශයට බවද ඔහු තවදුරටත් කියා සිටියේය. එනිසා මෙවර ඉන්ධන මිල ඉහළ දැමීම මුදල් අමාත්‍යාංශය විසින් නිසි ක්‍රියා පටිපාටිය අනුව සිදුකරන ලද්දක් මිස බලශක්ති ඇමතිවරයා වන ගම්මන්පිල මහතා විසින් පමණක් බලශක්ති අමාත්‍යාංශය විසින් සිදුකරන ලද්දක් නොවන බවද ඔහු තවදුරටත් තහවුරු කළේය.
ඉන්ධන මිල ඉහළ දැමීමේ අවසන් බලධාරියා වන්නේ මහා භාණ්ඩාගාරය බවත් එනම් මෙවර මිල වැඩි කිරීමේ අවසන් බලධාරියා මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ මහතා බවත් එම ප්‍රකාශකවරයා පැවසීය.
ඒ අනුව ඉන්ධන මිල වැඩි කිරිමේ මාධ්‍ය හමුව සදහා මුදල් රාජ්‍ය ඇමතිවරයා සහභාගි වූ බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

ඉන්ධන මිල වැඩි නොකලානම් හොදයි – නාමල්

ඉන්ධන මිල මේ අවස්ථාවේදී වැඩි නොකර සිටියේ නම් වඩා සුදුසු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙම තීන්දුව ගැනීමට මැදිහත්වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය සහ එහි නිලධාරීන් සාකච්ඡා කිරීමෙන් පසුව බවද ඔහු පැවසීය. නමුත් එය එසේ නොවුනා නම් වඩා සුදුසු බවත් ඒ ගැන ඉදිරි කාලයේදී ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර යම්කිසි තීරණයක් ගනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. 13 දිනයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා 13 දිනයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ඉන්ධන මිල වැඩි කිරීම සඳහා රැස් වූ ජීවන වියදම් කමිටුව සාකච්ඡාව සදහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සහභාගි වූ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *