පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චීත්තය සහ හැට්ටේ අදියි

ප‍්‍රාදේශීය සභාවේ මන්ත්‍රී රෙද්දක් හැට්ටයක් ඇඳ ප්‍රදේශීය සභා සැසියට

ප‍්‍රාදේශීය සභාවේ මන්ත්‍රී රෙද්දක් හැට්ටයක් ඇඳ ප්‍රදේශීය සභා සැසියට

කුලියාපිටියට ලබා දුන් ශික්‍ෂණ රෝහල හා මහාචාර්ය ඒකකය රැකගැනීමට අපොහොසත් වුයේ යැයි චෝදනා කරමින් කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉඳුනිල් කුමාරතුංග මහතා ප්‍රදේශීය සභා සැසියට චීත්තයකින් හා හැට්ටයකින් සැරසී පැමිණියේය.

ශික්ෂණ රෝහලට සහ මහාචාර්ය ඒකකය රැක ගන්නා බවට ජනතාවට මැතිවරණයට පෙර පොරොන්දු වූ බවත් එවන් තත්ත්වයක් තුළ එම ඒකකය රැක ගැනීමට අපොහොසත් වීම නිසා ජනතාවට ඉදිරියට පිරිමියකු සේ ඇඳ යා නොහැකි බව ද ඉඳුනිල් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ප්‍රාදේශීය සභා මාසික රැස්වීම ආරම්භවීමට පෙර පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු රැසක් එක්ව කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නරත වූහ.

එම නිසා ඉදිරියේදී අමුඩ ඇඳ හෝ මෙම රෝහල රැක ගැනීමට කටයුතු සිදුකරන බව එම ස්ථානයට රැස්ව සිටි මන්ත‍්‍රී කණ්ඩායම පැවසීය.

– Lankadeepa

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *