(VEDIO) ආණ්ඩුවේ වැක්සීන් දේශපාලනයක: පොහොට්ටුවේ පක්‍ෂ කාර්යාලයක් චන්න ජයසුමනගෙන් එන්නත් ලබාගෙන – අනුර කුමාර

ජනතාව නිවැරදි තීන්දුවක් ගනියි කියා විශ්වාසයක ඉන්නවා - ජනතා විමුක්ති පෙරමුණේ නායක

ජනතාව නිවැරදි තීන්දුවක් ගනියි කියා විශ්වාසයක ඉන්නවා - ජනතා විමුක්ති පෙරමුණේ නායක

වාර්තා වී තිබෙන ආකාරයට ඊයේ (26) වන විටත් රටේ ජනගහනයෙන් 170,000කට පමණ වෛරසය වැළඳී, 1269 දෙනෙක් මියගොස් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියනවා. රට තුළ වෛරසය පැතිරී යන බරපතළ ආකාරය මින් පැහැදිලි බවයි ඔහු කියන්නේ. සෞඛ්‍ය අංශ සහ කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යවරිය විසින් දැඩි සංචරණ සීමා නොපනවා මේ චක්‍රය බිඳින්න බැරි බව ආණ්ඩුවට දැන්වූ අතර විශේෂඥ වෘත්තීයවේදීන්ගේ සංගම් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඒ බව ඉල්ලා තිබුණ බව ඔහු අවධාරණය කළා. ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා මේ වනවිටවත් එම සීමා පැනවීම පිළිබඳව ස්තුතිවන්ත වෙන බවයි මන්ත්‍රීවරයා කියන්නේ.

“ජනතාව විශාල කැපකිරීමක් කරමින් අපහසුතාවයන්ට මුහුණ දෙමින් සංචරණ සීමා තුළ සාමූහිකව එකම අරමුණකට එන්න කියලා අපි ආරාධනා කරනවා. පුරවැසියන් විසින් සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුයි. කොවිඩ් වෛරසය පාලනය කිරීමේදී ඇති වී තිබෙන ව්‍යාකූලත්වය පිළිබඳ පසුගිය කාලය තුළ ආණ්ඩුව තමන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳව ඉතා හොඳ සමාලෝචනයක් කළ යුතුයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා නිහතමානී වී ඉතාමත් හොඳ පසුවිපරමක් සිදුකොට අදාළ තීන්දු-තීරණ දැඩිව සහ නිශ්චිතව ගත යුතුයි. එසේ නොකරන්නේ නම් මේ කැපකිරීම්වලින් කිසි ඵලක් නැහැ. ආණ්ඩුව විසින් මේ වෙනුවෙන් මූලික වැඩකොටස් කිහිපයක් කළ යුතු වෙනවා.

ආණ්ඩුවේ ප්‍රධානීන් තම තමන්ගේ අය වෙනුවෙන් කෝටා වෙන්කර ගත්තා. පොහොට්ටුවේ පක්‍ෂ කාර්යාලයකත් චන්න ජයසුමන අමාත්‍යවරයාගෙන් එන්නත් ලබාගෙන තිබෙනවා. අද කෙරෙන්නේ ආණ්ඩුවේ වැක්සීන් දේශපාලනයක්. ඔවුන්ට අනුව සුවිශේෂී ජීවිත සහ අවශේෂී ජීවිත කියලා බෙදීමක් තිබෙනවා. නමුත් පාරේ ඉන්න යාචකයාටත් ඒ වගේම ඇමතිවරයගේ බිරිඳගේ ඥාතිවරයාටත් තිබෙන ජීවිතවල වටිනාකම් සමානයි. මේ පාලකයන්ට ඔවුන්ගේ ජීවිත ‘සුවිශේෂී’ වන අතර මේ රටේ ජනතාවගේජීවිත ‘අවශේෂ’ ජීවිත හැටියට සලකනවා. ඒ මනෝභාවය නිසා එන්නත් ලබාදීමේ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල කර තිබෙනවා. සෞඛ්‍ය නිර්දේශ පැත්තක තැබුවත් අඩුම තරමේ බුදු දහමේ මූලික මූලධර්මවලටවත් මේ පාලකයන් ගරු කරන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේ සුවිශේෂී ජීවිත සහ අවශේෂ ජීවිත කියලා බෙදුවේ කොහෙද? පාලකයන්ට මේ රටේ ජනතාව ඉලක්කම් විතරයි.

ආණ්ඩුව විසින්ම 2021 ජනවාරි 08වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ ජාතික සැලසුම බිඳදමා තිබෙනවා. මෙය නැවත නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බව අපි අවධාරණය කරනවා. ඒ අතරම හිතුවක්කාරි, තක්කඩි අත්හදා බැලීම් කරන්න එපා කියලා අපි කියනවා. බැසිල් රාජපක්‍ෂ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට කියා තිබුණා යුක්‍රේනයෙන් සංචාරකයන් ගෙනාවේ පරීෂක්‍ෂා කර බලන්න කියලා. අත්හදා බලන්න නම් එයාගේ ගෙදර නතර කර ගන්න කියලා අපිට කියන්න සිදුවෙනවා. උදයංග වීරතුංගට සංචාරක ව්‍යාපාරය ලබාදෙන්න අත්හදාබැලීම් කරලා මේ ව්‍යසනය ඇතිකළා. කළු ආර්ථිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව අත්හදා බැලීමේ භූමියක් බවට පත්කළා. හැබැයි අත්හදා බලන්න තීන්දු ගත්ත කෙනා මේ වෛරසය පැතිරීමේදී ලංකාවෙත් නැහැ. ඒගොල්ලන්ගේ මව්බිමට ගිහිල්ලා. මේ හැම දේකින්ම පෙන්වන්නේ මේ පාලකයන් අමානුෂික පාලකයන් බවයි.

ඒ නිසා සංචරණ සීමාවලින් ප්‍රතිඵල ගන්න නම් ජනතාව තමන්ගේ වගකීම නිසි පරිදි ඉටුකරමින් හැසිරවීම, දත්ත සහ තොරතුරු සහ තීන්දු තීරණ පිළිබඳ විශ්වසනීයත්වයත් සමාජය තුළ ඇති කිරීම, එන්නත් ලබාගැනීම සඳහා වේගවත් වැඩසටහනක් ඇති කිරීම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ඒ සංවිධානයට අප විසින් ලබාදුන් වැඩපිළිවෙළ අනුව එන්නත්කරණය ක්‍රියාත්මක කිරීම සහ නැවත හිතුවක්කාරී මෝඩ අත්හදා බැලීම්වලට අපේ රටේ පුරවැසියන් බිලි නොදීම යන කරුණු අවධාරණය කරනවා. මේ කරුණු පිළිබඳව ජනතාවගේත් ආණ්ඩුවෙත් අවධානය යොමු කරවන්න කියන ඉල්ලීම දැඩිව සිදු කරනවා.” යි ජවිපෙ නායකයා කියනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *