අගමැතිගේ නවක මන්ත්‍රීවරු සඳහා වාහන ආනයනය කිරීමේ තීරණය ජනතා විරෝධය මැද අත්හිටුවයි

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු සඳහා වාහන ආනයනය කිරීමට ආණ්ඩුව තීරණයක් ගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පල වීමත් සමග ජනතාව ඊට දැඩි විරෝධයක් එල්ල කිරීම හමුවේ එම වාහන ආනයන තීරණය අත්හිටුවා තිබේ.

කොවිඩ් – 19 වසංගත තත්වය හමුවේ රට දුෂ්කරතාවයන් රැසකට මුහුණ දී ඇති පසුබිමක මෙලෙස වාහන ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලද විශාල විරෝධයක් මතුවිය.

මේ අනුව මෙම වාහන ආනයනය සඳහා ගෙන තිබූ තීරණය 24වන දින කැබිනට් මණ්ඩලයේදී අත්හිටුවා ඇත.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *