මුළු රටම ලොක්ඩවුන් කිරීම හරියට මදුරුවාට පොල්ලෙන් ගහනවා වගේ වැඩක් – වාසුදේව නානායක්කාර

මහා වසංගතයක් පවතිනවා යැයි කියා මුළු රටම ලොක්ඩවුන් කිරීම හරියට මදුරුවාට පොල්ලෙන් ගහනවා වගේ අනවශ්‍ය ක්‍රියාවක් බවත් අපිට මදුරුවෙක් ඉවත් කරන්න පුළුවන්. ඉවත් කළ යුතුයි, ඒ සඳහා මදුරුවාට පොල්ලෙන් ගැසීය යුතු නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකර සිටි අමාත්‍යවරයා,
‘රටේ පවතින වසංගත තත්ත්වය අනුව සංචරණ සීමා සිදුකිරීම අනිවාර්යයයෙන් කළ යුතුයි. අපි මුල්ම අවස්ථාවේ, ඒ කියන්නේ 2020 මාර්තු මාසේ මුළු රටම වසා දැම්මා. එයින් අපි අත්දැකීම් ලැබුවා. ඒ මුල්ම අවස්ථාවේදීත් අපි අපේ කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය, වැනි අවශ්‍යම කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන ගියා. මේ තුලින් අපි විශාල අත්දැකීමක් ලැබුවා. ඒ අනුව රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ ලොක්ඩවුන් කිරීම වර්තමානයේ දී අප සීමා කලා. හුදකලා කිරීම් ප්‍රදේශ වශයෙන් සිදුකිරීමට තීරණය කරා. හුදකලා කිරීමේ අවශ්‍යතාවය මතුවන ප්‍රදේශ හඳුනාගනිමින් වෛද්‍ය උපදෙස් හා නිර්දේශ මත හුදකලා කිරීමට රජය කටයුතු කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *