(Video) 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන් සමග අගමැති ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කරයි

(Video) 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන් සමග අගමැති ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කරයි

(Video) 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන් සමග අගමැති ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කරයි

විසිවන සංශෝධනයට සහාය දුන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අගමැති සමග උපවාස (ඉප්තාර්) උත්සවයට මේ මස 5 වන දින සහභාගි වූහ.
මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිත සමහරකට අගමැති මහින්ද රාජපක්ෂ සමග ඉෆ්තාර් උත්සවයට ආරාධනාවක් ලැබී තිබිණ.

ඉස්ලාමීය ආගමික නායකයන් මහජනතාව හා තවත් සමහර විශේෂ පුද්ගලයන් සමග පවත්වනු ලබන ඉප්තාර් උත්සවය මෙවර කොරෝනා වසංගතය නිසා ස්වල්ප දෙනෙකු පමණක් සහභාගි වීම තිබු බව අගමැති කාර්යාලය නිකුත් කොට ඇති නිවේදනයේ සඳහන් වේ.

මුස්ලිම් ජනතාව මුහුණපාන ගැටලු සහ බාධකයන් පිළිබඳ පාර්ලිමේන්තු නියෝජිතයන් අගමැති සමග පිළිසඳරෙහි දී සාකච්ඡා කළ බවට අගමැති කාර්යාලය දැනුම්දීමක් කර ඇත. තව ද පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් අගමැති හට දැනුම් දෙන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් තවදුරටත් විශේෂ අවධානයක් යොමු කරන බවට අගමැති කාර්යාලය සඳහන් කරයි.

විසිවන ව්‍යායවස්ථා සංශෝධනය ට පක්ෂව සහය දැක්වූ මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයන් වන නසීර් අහමඩ්, එම්.එච්.එම්. හාරිස්,අලි සබ්රි රහීම්, එම් එස් එම් තවුෆීක්, ඉෂාක් රහුමාන්, ෆයිසල් කාසිම් සහ විසිවන සංශෝධනයෙහි ද්විත්ව පුරවැසි භාවයට පක්ෂව ඡන්දය දුන් මුෂාරෆ් මුදුනබී යන අය සහභාගී වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *