වරාය නගරයේ කුණුත් ඉවත් කරන්නේ කොළඹ නගර සභාවෙන් ලූ

කොළඹ වරාය නගරයේ සියලු ම කැළිකසළ ඉවත් කිරීමේ වගකීම කොළඹ මහ නගර සභාව විසින් භාරගෙන ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ, ඊයේ (අප්‍රේල් 22දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ‘තිරසර සංවර්ධන සංවාදය’ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා මෙසේද පැවසීය.

අමාත්‍යංශ සාකච්ඡාවේදීත් කොළඹ මහ නගර සභාව එම වගකීම භාරගත්තා. ඒ අනුව, එහි අපජලය සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු කොළඹ මහ නගර සභාව විසින් සිදු කිරීමට නියමිතයි. 

කොළඹ නගරයේ කැළිකසළ බැහැර කිරීම සම්බන්ධයෙනුත් මේ වන විට කිසිදු ගැටලුවක් නැහැ. දවසකට කැළිකසළ ටොන් 800ක් නිෂ්පාදනය වේවි යැයි කෙරවලපිටිය බලාගාරය ආරම්භ කරන විට අපි බලාපොරොත්තු වුණා.

නමුත් මේ වන විට කොළඹ නගරයේ කැළිකසළ නිෂ්පාදනය වන්නේ ටොන් 400ක් පමණයි. කෙරවලපිටිය බලාගාරයට ටොන් 800ක් අවශ්‍ය වෙනවා. දැනට කෙරවලපිටිය බලාගාරයේ උපරිම ධාරිතාවට ළඟාවීමට කොළඹ නගරයේ කැළිකසළ නැහැ. එම නිසා ගැටලුවක් ඇති වන්නේ නැහැ.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *