අවුරුදු 2 කට පසු, සහරාන්ගේ මාමණ්ඩි ඇතුළු අනුගාමිකයන් තිදෙනෙක් TID අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් පැවැත්වූ අන්තවාදී පන්තිවලට සහභාගී වූ පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කුලියාපිටිය, කැකුණගොල්ල ප්‍රදේශයේදී (අප්‍රේල් 22) අත්අඩංගුවට ගත් එම පුද්ගලයින් අතර සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියා ද වන බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40, 52 හා 55 යන වයස්වල පසුවන්නන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනය යටතේ සැකකරුවන් රඳවා තබා ගෙන වැඩිදුර ප්‍රශ්න කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *