“චෝදනා ඔප්පු කර හැකි නම් නීතිය හමුවට පමුණුවන්න” – නාමල්ගෙන් චමල්ට අභියෝගයක්

දේශපාලනය කරන්නේ නම් අතහැරීමද පුරුදු විය යුතුයි; සුදුසු වේලාවේදී තනතුරුවලින් ඉවත්වීම වැදගත් - චමල් රාජපක්ෂ

දේශපාලනය කරන්නේ නම් අතහැරීමද පුරුදු විය යුතුයි; සුදුසු වේලාවේදී තනතුරුවලින් ඉවත්වීම වැදගත් - චමල් රාජපක්ෂ

වන සතුන්ට අයත් අලි කළමනාකරණ රක්ෂිතයේ යෝජිත හෙක්ටයාර 25,000ක භූමිය වෙන් කරන ගැසට් නිවේදනය පමා වීම නිසා හම්බන්තොට වල්සපුගල ඇතුළු ප්‍රදේශ හතරක ගෙන යන සත්‍යග්‍රහයන්ට රාජ්‍ය නොවන සංවිධානවල මුදල් ලැබෙන බවට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පසුගියදා නැඟූ චෝදනා ඔප්පු කර හැකි නම් නීතිය හමුවට පමුණුවන ලෙස අභියෝග කරන බව ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාතරත්න මහතා පැවසීය.

සිංහල අලුත් අවුරුද්දද නොතකා එම සත්‍යග්‍රහ එලෙසම පවත්වන බවද ඔහු සඳහන් කළේය. අදාළ ගැසට් නිවේදනය පමා වන්නේ අදාළ ප්‍රදේශවල නීති විරෝධී වැලි ජාවාරම්, ගල් කොරි පවත්වා ගෙන යාමත්, දේශපාලන ශක්තිය මඟින් සිදු කරන නීති විරෝධී වගා කිරීම් සහ නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම්ද නිසා බවද ගොවි සම්මේලනය පෙන්වා දී තිබේ.

ඇමැතිවරයා විසින් නගා ඇති චෝදනා සම්බන්ධයෙන් මව්රට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් නිමල් වීරතුංග මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ අදාළ ගොවි සංවිධානය ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්නක් බැවින් දෙස් විදෙස් ආධාර ලැබීම සැකයට තුඩු දී ඇති බවය.

සීමා නිර්ණය සිදු කිරීම පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග දැන් සිදුවෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

– MR

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *