“බල්ලා අපි.. නැට්ට සුළු පක්‍ෂ.. බල්ලා තමයි නැට්ට වනන්නේ” – රෝහිත විමල්ට දාපු නෝන්ඩියක්ද ?

ආණ්ඩුවේ සිටින සුළු පක්ෂවල කිසි අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලපෑම් කිරීමට හැකියාවක් නැතැයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඕනෑම පක්ෂයකට තවත් පක්ෂයක් සමග සාකච්ඡා පැවැත්වීමේ අයිතියක් ඇති බව පැවසූ ඔහු නමුත් හොරෙන් වෙස්මූණු බැන්දත් නටන්න වෙන්නෙ එලිපිට යයිද සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම දේශපාලන පක්ෂයට බිය වන්නේ නැති බවත් කිසිවකුගේ තෝන් ලණුවකට යන්නේ නැති බවත් ඒ මහතා පැවසීය.

කිසිදිනෙක නැට්ට විසින් බල්ලා වනන්නේ නැති බවත් නැට්ට වනන්නේ බල්ලා විසින් බවත් ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කළුතරදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *