ජනාධිපති මැතිවරණයට තරඟ කිරීමට බැසිල්ට සුදුසුකම් නැත – කුමාර වෙල්ගම

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරඟ කිරීමට අවශ්‍ය සුදුසුකම් පොදුජන පෙරමුණෙහි නිර්මාතෘ වන බැසිල් රාජපක්ෂට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

අගලවත්ත ප්‍රදේශයේ පැවති ජාතික සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය.

රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති කෙනෙකු රටෙහි රාජ්‍ය නායකයෙකු වුවහොත් නුසුදුසු රාජ්‍ය පරිපාලනයක් ක්‍රියාත්මක වේවි යැයි මුලදීම අප ප්‍රකාශ කළෙමු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය නායක අත්දැකීම් නොමැත. ඒ නිසා ඔහු වර්තමානයේ හමුදා නිලධාරීවරුන්ගේ සිවිල් පරිපාලනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරයි. ඔහුගේ සියළු වැඩ පිළිවෙලවල් අසාර්ථක වී ඇත.

ජනපති පාලනයට පැමිණ අවුරුදු එකක් සම්පූර්ණ වී ඇත. මේ දක්වා රාජ්‍ය පරිපාලනය, රටේ ජනතාව විශේෂයෙන්ම ඔහුට සහාය පළ කළ 69 ලක්ෂ ජනතාවම ඔහුව ප්‍රතික්ෂේප කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *